(අංජුල මහික වීරරත්න)
බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ද අමාත්‍යවරයා කීය.
මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පල වුවත්, ආර්ථික වර්ධනය සෘණ 8ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා සමෘද්ධිය සඳහා වෙන්කළ මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බව ද සඳහන් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ලොකු ආර්ථික ඔස්තාර් .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,හොන්දට තිබුණු අපේ රට හිඟාකන තත්ත්වයකට පත් කෙරුවේ බලලෝභි බඩගෝස්තරවාදි කාලකන්නි දුෂිත දේසපාලුවෝ මිසක් වෙන කවුද? .සදහටම බලයේ ඉන්ඩ හදන තමුනුත් ඒවට වගකිව යුතුයි .
මිනිස්සු ඉල්ලන්නේ පිනට කන්න නොවේ.. හම්බකරන් කන්න පුළුවන් රටක්. ආර්ථික ඔස්තාර්ලාට නොතේරෙන එකම දෙයත් එකයි....
බංකොලොත් වුණේ අපි ණයට කාලාද?
ඒක කියන්න තොපි වගේ රට බංකොලොත් කරපු පල් හොරෙක් ඕන නැහැ. අපේ වැඩ කරගන්න දීල ගෙදර යන්න කාලේ හරි.
රට බංකලොත් කරලා, සම්පත් විකුණන් කාලා, කොමිසුත් ගහලා, රජයේ දේ හොරා කාලා මේ (අ) මනුස්සයා අවුරුදු 30ක් විතර දියවන්නාවේ බත ගිලලා දැන් මිනිස්සුන්ගේ දුප්පත්කම කතා කරන්නේ කටින්ද නැත්නම් වෙන මොකකින් හරිද?. දැන්වත් ආගමක් ධර්මයක් කර ගත්තොත් හොදයි, තවත් රට කන්නේ නැතුව
මොනවා කියනවද මහත්තයෝ, ලංකාවේ සංවර්ධනය දොරේ ගලනවා...මේ සංවර්ධනය වෙන විදිහට කොහෙන් නවතියිද කියලයි මම මේ කල්පනා කරන්නේ...මේ යන විදිහට ඇමරිකන් කාරයෝ ඇතුළු විදේශ බලවේග මේ රට ආක්‍රමණය කරන්නත් බැරි නැහැ... මතකනේ අර පහුගිය කාලේ ඇමෙරිකන් කාරයෝ මේ රට දෙකට බෙදලා පාරක් හදන්නත් ගියා නේද..? තව ටිකෙන් සීගිරියට යන්නත් වීසා ගන්න වෙනවා.. යන්තම් අපේ "රට රකින විරුවා" ඇවිත් මේ රට මුදා ගත්තා...අර අනතුරකට ලක් උන ඇමරිකාවේ සිට පැමිණි නැවේ ඇමරිකන් පුරවැසියන් සරණාගතයින් ලෙස මේ රටට පැමිණෙන්න හිටියද කියන බලවත් සැකය මට නම් තියනවා...අර ගාසා තීරයේ ජනතාවට ඩොලර් මිලියනයක අධාරයක් දුන්නා කියලා ලෝක නායකයින් බලවත් ඉරිසියාවකින් පෙළෙනවා ඇති... ඒ වුණාට මම නම් කියන්නේ. ඉන්දියාව හා බංගලාදේශය වැනි දුප්පත් රටවලට අපි ආධාර කළ යුතුයි. එතකොට තමයි මේ කලාපයේ බලවතා වෙන්න අපට පුළුවන් වෙන්නේ..
දුප්පත්කම අලුත් දෙයක් නොවන මහ ජනතාවක් සහ පොහොසත්කම අලුත් දෙයක් නොවන දුෂ්ට පාලකයින් සිටින, ලෝකෙම උතුම් බංකොලොත් රට....
ඉතින් ඔබතුමාගේ ඔය රනිල් හාමුට මොකද බැරි වුණේ රට වැටෙන්න කලින් ඔය වගේ වැඩ පිළිවෙලක් යොදන්න ? රට බංකොලොත් වෙන්න මාස කිහිපයකට කලින් ආණ්ඩුව කරේ එතුමා නොවැ , ගිනි පොලියට පෞද්ගලික නය හිමියෝන්ගෙන් ණය ගන්නකොට ඒවා ගෙවන්න බැරිව රට වැටෙයි කියල හිතිලා නැත්ද ඒ කාලේ ?
ඔව් ඔව් බංකොලොත් වෙන්න කලින් 2500 කින් ජීවත් වෙන්න පුළුවන් පොහොසත් මිනිස්සු නේ හිටියේ .අනේ මුගේ තියරි
මෙයාගෙ තියරිත් දිව හැරෙන පැත්තට තමයි. දේශපාලන ට ආවම ඕනම කෙනෙක් නරක මිනිහෙක් වෙනවා
රට බංකොළොත් කරන්න දායක වූ කෙනෙකුට මේ කතා කියන්න අයිතිය නෑ.
රට බංකොලොත් කරන්න පවුල් සමාගමේ උදවිය හට උදව් කළ සමහර දෙනා අද හැසිරෙන්නේ මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ. අනේ .. අම්මපා මේ වගේ මිනිසුන් .. බංකොලොත් කළ රටට රනිල් මහතා කර නොගහන්න අද රටට මොනවා වේවිද කියන්න දෙවියෝ වත් දන්නේ නැහැ.රට බංකොලොත් කළ අයගේ පව් රනිල් ඇඟේ දාගත්තා.ඒ නිසා එක පැත්තකින් වරද කරුවන් ආරක්ෂා වුණා. ඒක හොඳ දෙයක් කියන්නට බැහැ.ඒත්,අනුර සජිත් ඒ වෙලාවේ ප්‍රශ්නෙන් කර ඇරියා.රනිල් ගැන අපටත් ගැටළු තියෙනවා.ඒත්,සත්‍ය මැදිහත්ව පෙන්වා දිය යුතුයි.රනිල් සමහර විට නැවත බලයට නොඑන්න පුළුවන්.ඒත් සජිත් අනුර ලාට රනිල් නොහිටින්න ඡන්දෙ කරන්න පරිසරයක් ඇති වේවිද ? ඒ නිසා සජිත් අනුර කණ්ඩායම් බලය ගැන පමණක් නොසිතා රනිල් ගේත් සහාය ගැන දේශපාලකයා නොව ජනතාව බලවත් වෙන,මේ රට ලෝකයේ බලවත් රාජ්‍යයක් ලෙස ගොඩ නැගීමට කටයුතු කිරීම සුදුසු වේ.රට බංකොලොත් කළ අයගේ වත්කම් පවරාගෙන ඔවුන්ට නිසි දඬුවම් දිය යුත්තේ සැවොම සමගියෙන් කටයුතු කිරීමෙනි.එහෙත් රටේ අවාසනාවට බොහෝ දේශපාලකයන් කටයුතු කරන්නේ තම පක්ෂය කෙසේ හෝ බලයට ගෙන ඒමට පමණය.ඒ තත්වය වෙනස්කොට ඔවුන් රට හා ජනතාව ගැන සීතිය යුතුය.රැස්වීම් වල උසුළු විසුළු හා පුරසාරම් දෙඩවීම නොවේ.
සත්‍ය ගවේෂී බන්දුල ගුණවර්ධනට කඩේයනවා... බන්දුල ගුණවර්ධන රනිල් වික්‍රමසිංහට කඩේ යනවා...
රට බංකොලොත් කලේ අපිද? මාරුවෙන් මාරුවට බලය ගත්තේ ඔබතුමාලා නේද? බංකොලොත් භාවයට සහ දුප්පත් කම ඇතිකලේ ඔබතුමන්ලා සිටිය යුත්තේ හිරේ...
මේ වගේ අපතයන් පාර්ලිමේන්තුවට එව්ව උන්ට ගහන්න ඕන
ඒත් තමුන් කොහොමද දුප්පත් උනේ නැත්තේ ?