
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බොකලගම ප්‍රදේශයේ ජාතික ජන බල වේගයේ මැතිවරණ ප්‍රචාරක කාර්‍යාලයට ගිනි තබා ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
කිසියම් පුද්ගලයකු ප්‍රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්‍රචාරක පුවරුවලට අද 28 සවස ගිනි තබා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පල්ලේවෙල පොලීසිය පවසයි. ගොඩනැගිල්ලට ද සුළු අලාභානී සිදුවී ඇත .
ගිනි තැබූ පුද්ගලයා දැනටමත් හදුනා ගෙන ඇති බවත් ඔහු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පල්ලේවෙල පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසන්න බැරි තැන කරන බාල වැඩ, ඕවායින් එන් පී පියට ප්‍රචාරයක් ලැබෙනවා, වැඩක් නැහැ, මොනවා කරත් කොපමණ ගේම ඉල්ලුවත් එන් පී පීය ගල් කැටයක්වත් අතට නොගන්නා බව සහතික වෙනවා...
මේ වගේ වැඩ 87-89 වකවානුවේ කලේ ජේවීපී එක විසින්. එයාලා ඒ කාලේ මේ වගේ වැඩවලින් නැවතුනේ නෑ. දැන් ඒවා එයාලාටම පාරාවලල්ලක් වෙලා. සමහරවිට ගම්වල මිනිස්සු එදා ඔවුන් කරපු දේවල් වලට පලි ගන්න කරනවා වෙන්න පුළුවන්.. ඒත් අපි මේ වැඩ අනුමත කරන්නේ නෑ.. එදත් අදත් කවදත්...
පාහර වැඩක්! අන් මත ඉවසීම නොදන්නා මුග්ධයින්ගේ අමන ක්‍රියාවක්...! කෙසේ වුවත්, අවධානය දිනා ගැනීම සහ මෙන්න අපට ගහනෝ වැනි අඳෝනාවක් මගින් ඡන්ද ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් සිදු කළ ස්වයං ක්‍රියාවලියක්දැයි සොයා බැලීමත් වටී...
මේ වගේ මෝඩයින්ව ඡන්ද ව්‍යාපාර වලට ගාව ගත්තොත් වෙන දේවල් තමයි මේවා
මේව මේ අය විසින්ම කරගන්න දේවල්
රට අඳුරට යනඑක එහෙමහරි කළයුතු තමා......
ඡන්ද කාලේ මේ වගේ දූෂිත වැඩ කරන උන් වැඩිපුරම උන්නේ කා එක්කද කියලා දන්නෝ දනිති.
එතරම් පිස්සු නෑ... ජාතික ජනබල වේගයේ සමාජිකයින්ට පක්ෂ කාර්යාලයට ගිනි තබා ගැනීමට දේශපාලන අඳ බාලයෝ තමයි ඕවා කරන්නේ... ජනතාව කුපිත කිරීමට නමුත් ඕවාට කලබල නොවිය යුතුයි. තව දින 22යි..