(නිමල කොඩිතුවක්කු)
විශ‍්‍රාම වැටුප් ගැටලු හා සේවක සුභසාධන ප‍්‍රතිලාභ මත බදු අයකිරීම යන ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගම් 19ක සහභාගීත්වයෙන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කොළඹදී පැවැසීය.
තම ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී ලිඛිතව සහ වාචිකව මුදල් අමාත්‍යාංශය දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද හෙතෙම සඳහන් කළේය.
මරදාන පන්සල පාර පිහිටි ලංකා බැකු සේවක සංගම් කාර්යාලයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් සේනානායක මහතා මේ බව පැවැසීය.
රාජ්‍ය බැංකුවලට 1996න් පසු බැදුණු සේවකයන්ට ස්ථාපිත කර ඇති විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදයන්හි පවතින ගැටලු සහ නව අදායම් පනත මගින් සේවක සුභ සාධන ප‍්‍රතිලාභ මත උපයනවිට ගෙවීම් බදු පැනවීමට එරෙහිව මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරත වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලබන 20 වනදා මුදල් අමාත්‍යංශය සමග අවසන් සාකච්ඡා පවත්වන බව පැවසූ ඒ මහතා එහිදී විසඳුමක් නොලදහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා සිය වෘත්තිය ක‍්‍රියාමාර්ග මෙහෙයවන බව පැවසීය.
මෙම අවස්ථාවට ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා, රජයේ සහ පෞද්ගලික බැංකු සේවක නියෝජිතවරු ඇතුලූ පිරිසක් එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු සේවකයන් මේ කරන වර්ජනය කුමන කාලයකට බල පාන්නේද දැන්ව සිටියොත් හොදා නැත්නම් අප පිට රටවල සිට එවන මුදල් පවුල්වල අයට ලබා ගැනීමට නොහැකි වීම නිසා ගැටළු ඇති වෙනවා නැත්නම් අපට ලංකාවේ බැංකු වලට එවීම අත් හිටවීමට සිදුවනවා
මේ අනුන්ගේ මුදල්වලින් ජැන්ඩියට ටයි, කෝට් ඇඳ පැළඳගෙන ඉංග්‍රීසි චුට්ටක් කටේ ගාගෙන එනවා අපේ කටේම උලන්න....
පෙන්ෂන් එකයි, ඊ.පී.එෆ්. එකයි ඕනෙවෙන්නේ බැංකු සේවකයන්ට විතරයිද?
ලද දෙයින් සතුටු වීමට පුරුදු විය යුතුය
මේගොල්ලන්ට ලැබෙන ප‍්‍රතිලාභ මදිවටද? ඒ මදිවට අවුරුද්දකට වැඩිම නිවාඩු ලබාගන්න ක්ෂේත්‍රයත් මේගොල්ලොමයි.
මේ කියන විදියට බැංකු සේවකයන්ගේ විතරක් නෙවෙයි හැමෝගෙම වැටුපෙන් මේ බද්ද ගන්නවනේ.