
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සලකා බලන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
ඉන්ධන මිල, විදුලි ගාස්තු, යන්ත්‍ර සූත්‍ර නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම් වැඩිවීම සහ අනෙකුත් සියළුම නිෂ්පාදන හා පරිපාලන වියදම් ඉහළ යාම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී ඇති බවත්, එම නිෂ්පාදන මිලට සාපේක්ෂව දැනට වෙළඳපොළේ පවතින සහල් මිලට තම නිෂ්පාදන අලෙවි කිරීමෙන් පාඩු සිදුවන බවත් සහල් මෝල් හිමියෝ මෙහිදී පැවසූහ .
මේ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා සඳහන් කළේ පාරිභෝගික ජනතාවට මෙන්ම ගොවීන්ට ද ලබාදිය හැකි සියලු සහන ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.
ගොවියාගේ නිෂ්පාදන වියදම අඩුකර වී නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සහල් නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳවත් කඩිනමින් සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතරම සලකා බැලීම් සහ සාකච්ඡා පමණයි. කෙරෙන වැඩක් නැත...
අපිව හිඟන්නන් කළා මදිවට අනාගත දරුවනුත් හිඟාකන තත්වයට පත්කළා...
කැලැන්ඩරය කරකනවා විතරයි වෙන්නේ. නිකම් කාල වකවානුව කියමින් කල් මරනවා මිස ඕවා ජනවරමක් නැති රනිල් ඉන්න කල් ලබන්න ලකුණු නම්, පේන්න නැහැ...
ඔය කියන්නේ තැන්පතු සඳහා පොලිය නේද? ඒක ඉක්මනින්ම අඩු කරන්න. නැතිනම් ආධාර දීම ප්‍රමාද වේවි...!
බැංකු පොලී නොවේ... අපට තියෙන ප්‍රශ්නේ... වහාම රාජ්‍ය අංශයේ තියෙන දූෂණය, වංචාව, නාස්තිය නැතිකරන පියවර ගන්නකෝ... මෙච්චර පහසුකම් සහ නිලධාරීන් ඉඳලත්, කරදරයක් නැතිව හැඳුනුම්පතක්, ගමන් බලපත්‍රයක්වත් සතියක්, දෙකක් ඇතුළත නිකුත් කරගන්න බැරි අසාර්ථක රජයක් තමුන්ගේ රජය...
මේ වනවිට උද්ධමනය ක්‍රමිකව අඩුවීමට සාපේක්ෂව... කොහේද අඩුවුණේ?
පින් ජනපති බලයට ආපු දා ඉඳලාම කෙරුවේ දූෂිත රාජපක්ෂ පවුල් පාලනේ අයව රැකපු එකයි, ඡන්දෙට බයේ ඡන්දෙ තියන එක නවත්වන්ඩ පුළුවන් තරම් ගේම් ගහපු එකයි තමයි.
නරඹන්නන් ඉලඇට ඇදෙන තෙක් සිනහා ගන්වන, විකට චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනයේ ... විටෙක ඔබව සිනා රසයෙන් කුල්මත් කරන අතර තවත් විටෙක ඔබ ප්‍රධාන නළුවාගේ " මෑණියන්ව මතක් කරයි...!!! ඉක්මන් කරන්න තව ප්‍රදර්ශන වාර සීමිත ගණනකින් පසු ජනතාව මේ චිත්‍රපටය 'ගිනිදෙවියාට' පූජාකරන්න නියමිතයි, නළුවාත් සමගම... !!!
රනිල්, මේ රටේ ජනාධිපතිවෙලා ඉන්නකම් ඔය අයි.එම්.එෆ්. මුදල් ලැබෙන්නේ නැහැ. මුළු ලෝකයම දන්නවා මේ ලේ පිපාසය ගැන...