(අංජුල මහික වීරරත්න)
ස්ථාවර තැන්පතු වල ගිවිසුම් ගත සම්පූර්ණ කාලසීමාව සඳහා අදාළ පොලිය ගෙවීමට බැංකු කැපවී සිටින බව ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජික රසල් ෆොන්සේකා මහතා පැවසීය.
දේශීය ණය ප්‍රශස්තකරණය තැන්පත්කරුවන්ට කිසිදු පාඩුවක් හෝ බලපෑමක් ඇති නොකරන බවත් බැංකු විසින් පිරිනමනු ලබන පොලී අනුපාතවලට බලපෑමක් නොවන බවත් රසල් ෆොන්සේකා මහතා කීය.
රසල් ෆොන්සේකා මහතා මේ බව පැවසූයේ ජනාධිපති මාධ්‍ය අංශයේ "101 කතා" වැඩසටහනට එක් වෙමිනි.
ජනපතිගේ වැඩපිළිවෙළ සඳහා බැංකු සංගමය සහ දේශීය බැංකු සංගමය සහයෝගය ලබාදීමට එකඟතාවය පළ කර තිබෙන බවද ඒ අනුව බැංකු පොලිය අඩු කිරීමට සැලසුම් කර තිබෙන අතර එම පොළී අනුපාත අඩු කිරීම ඉදිරි මාස දෙක ඇතුළත සිදුකෙරෙනු ඇතැයි ෆොන්සේකා මහතා සඳහන් කළේය.
එම අඩු පොලිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, අපනයන කර්මාන්තයේ නියැලී සිටින්නන්ට මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකියාව ලැබෙන බව රසල් ෆොන්සේකා මහතා කීය.
වැඩකරන ජනතාවගේ අහිමි වීමට තිබූ අරමුදල් දේශීය ණය ප්‍රශස්තකරණය නිසා සුරක්ෂිත වන බව ද රසල් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු ගිවිසුම් ගත පොලිය ගෙවනවා