
(අංජුල මහික වීරරත්න)
තරුණ ප්‍රජාව බෝ නොවන රෝග වලින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රීඩාව විශාල දායකත්වය සපයන බැවින් ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදීය.කොළඹ නෙලුම් පොකුණ රංග ශාලාවේ දී මෙය පැවැත්විණි.
මෙහිදී ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවත්වනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් සහිත අභ්‍යාසලාභීන් සහ අනෙකුත් කෙටිකාලීන පාඨමාලා වල අභ්‍යාසලාභීහු 813 දෙනෙක් සහතික පත්‍ර ලැබූහ.
ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම (NVQ LEVEL) 4, 5, 6 යන සුදුසුකම පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව උසස් පුහුණුකරු පාඨමාලාව (NVQ 6), ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5), ක්‍රීඩා පුහුණුකරු ඩිප්ලෝමා පාඨමාලාව (සති අන්ත), ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, ශාරීරික යෝග්‍යතා උපදේශක පාඨමාලාව (NVQ 4) හා ක්‍රීඩා අභ්‍යාසක සහතික පත්‍ර පාඨමාලාව (NVQ 4) සඳහා සහතික ප්‍රදානය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් මට්ටමින් නම් ටියුෂන් පිස්සුව නවත්තන්න. විශේෂයෙන්ම ළමයින්ගෙ අම්මලාට තියෙන. එතකොට ළමයි ඉස්කෝලදි අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාවටත් යොමු වෙනවා. ඇමතිතුමාගේ මේ උත්සාහයට ප්‍රණාමය!
ඇමතිතුමෝ , බෝ නොවෙන යනු පරම්පරාගත රෝග. ජාන හා සම්බන්ධයෙන් සැදෙන රෝගී තත්ව. ඒ තත්ව ක්‍රීඩා වලින් මැඩපවත්වන ක්‍රමවේදයක් ගෙනහා හැකිනම් නොබෙල් තෑග්ග අනිවාර්යෙන්ම ලබාගත හැකී. කටට එන ඕනම දෙයක් කියවීමේ පුරුද්ද අත්හරින්න .
ලංකාවේ නගර දියුණු කිරීමේදී මානව සම්පත් සංවර්දන ගැන කිසි තැකීමක් නැහැ , අපි ඉන්නේ කොළඹට කිට්ටු නගරයක් වෙන මහරගම , පොඩි කාලේ ළඟ ළඟ රජයට අයිති හිස් ඉඩන් ගොඩක් තිබ්බ තරුණ පිරිස් ක්‍රීඩා පිට්ටනි වලට හරවාගෙන තිබුණු , නමුත් ඒ හැම එකක් ම වගේ එ සෙල්ලම් කරකර හිටපු තරුන්යෝන්ව එලවල රජයේ වෙන වෙන ඉදිරිකිරීම් වලට අරගෙන , දැන් පොඩි ළමයෙක්ට වත් නිදහසේ සෙල්ලන් කරන්න තැනක් නැහැ