
(යොහාන් භාසුර)
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බස් රථ ධාවනය අද (8) සිට සීමා කරන බවත් ඒ අනුව බස් ධාවනය සියයට 50 දක්වා අඩුවනු ඇති බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (7) පැවසීය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් අද (7) පවත්වමින් ගැමුණු විජේරත්න මහතා එසේ පැවසීය.
බස් රථ ධාවනය සීමා කිරීමට එම සංගමය තීරණය කළ බව කී විජේරත්න මහතා ඊයේ දිනය වන විටත් බස් ධාවනයෙන් සියයට 25 ක් පමණ ධාවනය සීමාකර ඇති බව ද සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනයට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මෙම මාසය තුළ බස් රථ ධාවනය කිරීමට යම් සහනයක් සැළසීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය අපොහොසත්වූ බවත් ඒ මහතා කීය.
වාර්ෂික ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන්ම ජූලි මාසයේ මුල් සතියේ දින කිහිපය තුළ ක්‍රියාත්මක කළ යුතු බව කී විජේරත්න මහතා පැවසුවේ වාර්ෂික ගාස්තුවත් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් නීතියෙන් බැදීසිටින බවත්ය.
අත්‍යවශ්‍ය ධාවන වාර සංඛ්‍යාව පමණක් පෙරවරුවේ, දහවල් පාසල් අවසන් වන වෙලාව, පස්වරුවේ කාර්යාල අවසන් වන වෙලාවට ගමන් වාර හතරක් ධාවනය වෙන වෙලාවට තුනක් ධාවනය කරන්න කටයුතු කරන බවත් මෙහිදී ගමන් වාර අඩු කිරීමේ සීමාවත් එක්ක ධාවනය වන ප්‍රතිශතය සියයට 50 දක්වා අඩුවීමේ වගකීම අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගත යුතු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd