(ටී.කේ.ජී.කපිල)

පෝලන්තයේ පැවැත්වෙන , එරට ජාතික රූ රැජින තරගාවලිය වන " මිස් පෝල්ස්කි " ( Miss Polski ) තරගාවලියේ එක් අධියරක් , ප්‍රථම වරට මෙරටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ සදහා සහභාගී වීම සදහා , එම තරගාවලියේ අවසන් වටය සදහා තේරී ඇති , පෝලන්ත ජාතික රූ රැජිනියන් 24 දෙනා ඇතුළු එම තරගාවලි කාර්යය මණ්ඩලයේ 45 දෙනෙනෙක් ගෙන් යුතු පිරිසක් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම අධියර දින 10 ක් පුරා සීගිරිය , පාසිකුඩා , නීලාවැලි , මින්නේරිය , දඹුල්ල සහ කොළඹ දී පැවැත්වීමට එම පෝලන්ත සංවිධායකවරුන් සැළසුම් කර තිබේ.

ලෝකයේ වැඩි අවධානයක් දිනා ගෙන ඇති මෙම පෝලන්ත රූ රැජින තරගාවලියේ එක් අධියරක් මෙරට පැවැත්වීම තුළින් පෝලන්තය ඇතුළු සමස්ථ ලෝකයේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සැළසුම් කර තිබේ .