(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද රැස්විය.

එම විධායක සභාව රැස්වූයේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය උතුරාවල ධම්මරතන හිමිද,ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ,පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විධායක සභාවේ හා දේශපාලන මණ්ඩලයේ සභිකයයෝ සහභාගී වූහ.