(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

ආඩිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී 15 සවස පොලිස් නිලධාරියකුගේ පිස්තෝලය උදුරාගෙන තවත් පොලිස් නිලධාරියකුට වෙඩි තබා පලාගිය මත් ලෝලියා දිවුලපිටිය පොලිසිය විසින් පිස්තෝල අවියද සමග අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට බාර දෙනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය පින්නකැළේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු සිවිල් ආරක්ෂකයෙකු බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරියාට වෙඩි තබා යතුරුපැදියක නැගී පලායාමෙන් පසු සිදු කෙරුණු පරීක්ෂණවලදී හෙලි වූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. ඉදිරි විමර්ශන කටයුතු සිදුකර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.