(ගයාන් සූරිය ආරච්චි)

දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක විශේෂ ආරක්ෂක රාජකාරියෙ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරියකගේ උකුල මත වාඩි වී ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹගල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුලුගස් වැව පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙකි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට මුහුණ දී ඇති පොලිස් කොස්තාපල්වරියද මකුළුගස්වැව පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන කොස්තාපල්වරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.