
(උපාලි ආනන්ද)
හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට එකී විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ මහතාට අද නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී සැරයන් (69042) රුවන් කරුණාදාස මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව, නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී සැරයන් (69042) රුවන් කරුණාදාස මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මාලබේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයකු වන චන්දන දීපාල් වික්‍රමරත්න මහතා වෙඩි වැදී මිය ගොස් ඇති බව නැගෙනහිර කොළඹ (මුලේලේරියාව) මුලික රෝහලේ රෝහල් පොලිසිය මගින් (17දා) පෙරවරුවේ මාලබේ පොලිසියට දැනුම්දිමක් කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd