
(අංජුල මහික වීරරත්න)
පූර්ව ළමා විය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය බාර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
දරුවකුගේ ඉදිරි අධ්‍යාපන ගමනේ මඟ තීරණය කරන ප්‍රධානතම සන්ධිස්ථානය පෙරපාසල් අධ්‍යාපනය බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
සියලු පළාත් ආවරණය වන පරිදි පූර්ව ළමාවිය අධ්‍යාපන කටයුතු නිවැරදි අධීක්ෂණයකට ලක් කළ යුතු යැයිද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
වයඹ පෙර පාසල් ගුරු පුහුණු විද්‍යාලයේ 2023/2024 වර්ෂය සඳහා පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාධාරිනියන්ට සහතික පත්‍ර ප්රදානය කිරීම සඳහා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සවය පෙරපාසල් අධ්‍යාපන සංවර්ධන අධිකාරිය සහ වයඹ පළාත් සභාව එක්ව සංවිධානය කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd