( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පවතින ගැටළු රැසක් හේතුවෙන් එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඒකකය තාවකාලිකව වසා දැමු බව රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය  ලසන්ත ලියනගේ මහතා  පැවසිය.

මේ හේතුවෙන්  පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනාගෙන් එක් අයකු කොළඹ ජාතික රෝහලටත් තවත් රෝගීයකු ගල්ගමුව මහ රෝහලටත් යැවිමට කටයුතු කල බවත්  තවත් දෙදෙනෙකු පුත්තලම රෝහල තුලම රදවා ගනිමින් ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරමින් ඇති බව වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ වරයා පවසන්නට විය.

මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ ලසන්ත ලියනගේ මහතා.

“මෙම වැසි තත්වයත් එක්ක දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාම ගැටළු සහගත තත්වයක් බවට පත්වුනා.ඒ අනුව ඉහල නිළධාරීන් සියලු දෙනා දැනුවත් කරමින් අදාල උපදෙස් ලබා ගනිමින් තමා මෙම කටයුතු කරන්න අපි සුදානම් වුනේ.නමුත් මේ පිළිබදව කඩිනමින් සොයා බලා නැවත ඒකකය පවත්වාගෙන යාමට හැකි දැයි සොයා බලන්න පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කණ්ඩායමක් පැමිනිමට නියමිතව තිබේනවා.ඒ ලබා දෙන තිර්ණ අනුව කටයුතු කරන්න අපි සුදානම් යැයි පවසන්නට විය.

පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකය ඇදන් හයකින් සමන්විතව තිබු අතර පුත්තලම,ආණමඩුව ,කල්පිටිය,වනාතවිල්ලුව,නවගත්තේගම,මහකුඹුක්කඩවල,මුන්දලම,ඇතුළු ප්‍රදේශ වල පිහිටි රෝහල් වලින් එකම දැඩි සත්කාර ඒකකයක් සහිතව තිබු එකම රෝහලද වෙයි.

මෙලෙස දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමිමත් සමග හදිසි රෝගීන් දැඩි අපහසුතාවයට ලක්විම වැලැක්විය නොහැකි කරුණක්ව ඇති බවද පැවසෙයි.

කෙසේ නමුත් මෙම දැඩි සත්තාකාර ඒකකය වසර ගනනාවක සිට දැඩි ලෙස අබලන් වෙමින් තිබු අතර එය ඉවත් කර නව දැඩි සත්කාර ඒකකයක් පිහිටුවිමට සුදානමක් ව පැවති නමුත් එය සිදුව නොතිබුන බව රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජීකයින් පවසයි.