(එම්.සුසිල් පියන්ත)

ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ දෙවැනි වරටත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහල දැමීමට සිදුවෙන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්‍රවාහන සංගමය අද(22) අම්බලන්ගොඩදී පැවති මාධය හමුවකදී කීවේය

 එහිදී දෙවැනි වරද පළමු වර මෙන් සියයට දහයකින් පාසල් සිසු පවාහන ගාස්තු වැඩි කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු පවාහන සංගමයේ සභාපති රුවන් පසාද මහතා කීවේය.

 මේ මාසයේදීම ඉන්ධන මිල පළමු වර  ඉහළ දැමීමට සමගාමීව සිය සංගමය පාසල් සිසු ප්‍රවාහන ගාස්තුව සියයට දහයකින් වැඩි කළ බවත් මේ මාසයේදීම දෙවැනි වරට ඉන්ධන මිල ඉහල දැමීමට සමගාමීව පාසල් සිසු පවාහන ගාස්තුව සියයට දහයකින් වැඩි කරන බවත් එසේ වැඩිකරනු ලැබු සිසු පවාහන ගාස්තු අය කරනුයේ මැයි මාසයේදී බවත් රුවන් මහතා කීය.

තෙල් සංචිත දින තිස් හතරකට තිබෙනවා යයි කියමින් මේ රජය  කියූ දින තිස් හතර නික්ම යාමටත් පෙර දෙවතාවක්ම දැරිය නොහැකි මිලකින් ඉන්ධන මිල වැඩි කිරීම සිය සංගමය කිසිසේත්ම අනුමත නොකරන බවත් මෙය මේ රජය බොරු කියමින් බොරු කරමින් ඉන්ධන මිල වැඩි කරමින් පාසල් සිසුන්ගේ දෙමාපියන් දැඩි අසීරුතාවයට ලක් කිරීම නොඉවසිය හැකි කාරණාවක් බවද රුවන් මහතා මෙහිදී කීවේය.

        මෙහිදී අදහස් දක්වමින් එම සංගමයේ ප්‍රධාන සංවිධායක,පාදේශීය සභා මන්තී රුවන් පීති කුමාර මහතා කීවේ දින කිහිපයක් තුළ සිසු පවාහන ගාස්තු වැඩිවූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන බවත් මේ වනවිට දින කිහිපයක් තුළ පාසල් සිසු ප්‍රවාහන ගාස්තු සියයට විස්සකින් වැඩි කිරීමට සිය සංගමයට සිදුවූ බවත්ය.

              සියයට විස්සකින් සිසු ප්‍රවාහන ගාස්තු වැඩිවීම පාසල් සිසුන්ගේ දෙමාපියන්ට දරන්න බැරි දෙයක් බවත් එහි වගකීම භාර ගත යුත්තේ මේ රජය බවත් පීති කුමාර මහතා කීවේය.