මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, ගඟ ඉහළ කෝරලේ සහ පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් නායයෑම් පිළිබඳ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.