
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23 ක් මේ වසරේ ප්‍රාදේශීය මට්ටමින් මේ පිහිටුවීම සඳහා පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"අපේ රජයේ බලයට පැමිණි පසු දූෂණයට වංචාවට එරෙහිව සටන් කිරීම ඉතා තීව්ර කර තිබෙනවා.එලෙස කරන්නට සිදු වූයේ හොරුන්ගෙන් බහුල, ක්‍රමය කඩා වැටුණු යාන්ත්‍රණයක් හරහායි.එමෙන්ම අප අලුතින් අධිකරණ පිහිටුවා තිබෙනවා.දූෂණ හා අල්ලස් නඩු අහන්න කොළඹ උසාවි තුනක් පිහිටුවා තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23 ක් මේ වසරේ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීම සඳහා පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී තිබෙනවා.ඊට අවශ්‍ය පහසුකම් සැපයීම අප අමාත්‍යංශය විසින් පියවර ගන්නවා ඇති.
අප දූෂණ මර්දන යාන්ත්‍රණය හුදෙක් නඩු ඇසීමට එහා ගොස් ජනතාවට දුන් පොරොන්දු ඉටුකරමින් සිටිනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd