
ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ආර්යාව බ්‍රිජෙත් ත්‍රොග්නෝව් නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියහ.
මැක්රොන් සහ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසට පැමිණි අතර, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් සහ බිරිඳ මරීගෙන් ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි.
ඇන්ඩි බර්න්හැම්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පාලක කම්කරු පක්ෂයේ නායකත්වයට පත් වෙමිනි. ඒ, කීර් ස්ටාර්මර්ට පක්ෂ නායකත්වය අහිමි වීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ එරට පාලක පක්ෂයේ නායකයාටය. පාලක පක්ෂය ලෙස බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි.
අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඇන්ඩි බර්න්හැම් හමුවීමට ආ පළමු යුරෝපා නායකයා ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ සිටින බළල් සුරතලා ලැරීගේ සුවදුක් විමසා බැලීමට මැක්රොන් සහ බ්‍රිජෙත් අමතක නොකළ බව ද විදෙස් මාධ්‍ය පවසයි. ඉන් අනතුරුව මැක්රොන් සහ බ්‍රිජෙත්, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජින හමුවීමට ද ගියහ. චාල්ස් රජුගෙන් සහ කැමිලා රැජිනගෙන් ද ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd