(ඉන්දිකා රාමනායක)
පැෆරල් ආයතනයේ සභාපති එන්. නව්සාඩ් මහතා පදිංචි කොල්ලුපිටිය ස්කොපිඩිල් පෙදෙසේ පිහිටි නිවසට හොරු පැන රුපියල් ලක්ෂ 7කට අධික වටිනා රන් බඩු සහ ඔරලෝසු තුනක් සොරාගෙන ගොස් ඇති බවට කොල්ලුපිටිය පොලිසිය කියයි.
නිවසේ දොරක් කඩා ඇතුළු වී ඇති කොල්ලකරුවන් කාමරයක අල්මාරියක තිබුණු මෙම අත්ඔරලෝසු 03ක් හා රන් භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
සොරාගත් දේපොලවල වටිනාකම රුපියල් 715,000ක් වන බව සභාපතිවරයා විසින් පොලීසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතින් හොරකමක් කිරීමේ අටියෙන්ම කරපු එකක් නොවෙන්න ඇති. මතකද අර පහුගිය දවස්වල මෙයාලා මේ අවුරුද්දේ නොපවත්වන ඡන්දයක් ඉල්ල ඉල්ලා කෑ ගහලා මිනිස්සු අවුස්සන්න හැදුවා. මේ වසරේ මැතිවරණ නොපවත්වන බව අතිගරු ජනාධිපතිතුමා ස්ථිරව ප්‍රකාශකර තිබියදී බොරුවට මිනිසුන් කුපිත කිරීමේ දිට්ඨධම්මවේදනීය ප්‍රතිඵලයක් කියලයි මම නම් හිතන්නේ... දැන්වත් තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න පුරුදු වුණොත් මේ තරමින් හරි නවතින්න පුළුවන්...