(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)

පලාත් 8 ක වාහන ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාය හෙට (25) සිට ලබන සඳුදා (28) දක්වා තාවකාලිකව අත්හිටුවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මධ්‍යම පළාත, උතුරු මැද, වයඹ, දකුණ, නැගෙනහිර, උතුරු, සබරගමුව සහ ඌව යන පළාත්වල ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බවත් පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති බවත් එම අමාත්‍යාංශය කියයි.

අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව ලබන අඟහරුවාදා (29) සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබාදීමට පද්ධතිය සක්‍රීය කරන බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.