(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය සහිතව ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන් සැක පහළ කිරීමේ හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගිය බව මීරිගම පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ආර්. ඩී.සිරිසෝමා රණසිංහ 81 නමැති කාන්තාවකි .
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව ඇගේ සමීප ඥාතියකු විසින් මාස හය හතකට පමන පෙර දී වැඩිහිටි නිවාසයට භාර කර ඇතැයි පොලිසිය සඳහන් කරයි .
නේවාසිකව වැඩිහිටි නිවාසයේ කාලය ගත කරමින් සිටි කාන්තාව රෝගාතුර වීමෙන් පසු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත .
දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මරණයට පත් වී ඇතැයි ද නිව්මෝනියා රෝගී තත්ත්වය නිසා මරණය සිදුවී ඇති බව වෛද්‍ය නිගමනය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .
බාරකරුට දැනුම් දීමෙත් පසු ඔවුන් නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ මල්ශාලාවක මාර්ගයෙන් දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ අතර මියගිය කාන්තාවගේ ඥාතියකු මෙම මරණය සැක සහිත බවට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත කළ පැමිණිල්ලක් අනුව වැඩිදුර පරීක්ෂණයක් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නේ නැතුව ඉදලා ගාණක් කඩාගන්න හදනවා වගේ...!