
(අංජුල මහික වීරරත්න)
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අවස්ථාව හිමි වී තිබේ.
එම වැඩසටහනට සමගාමීව, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික-සාමාජිකාවන් හට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්‍යභාරය මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම සහ එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද අවස්ථාව උදා විය.
මෙහිදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය බාර අමාත්‍යවරයෙකු පත් කිරීමද විශේෂත්වයකි.
ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලය සහ සාමාජික -සාමාජිකාවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙම අවස්ථාවේදී සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd