
(ඩයනා උදයංගනී)
පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 2023 වසරේ සිට සංශෝධිත නව චක්‍රලේඛයේ අඩංගු විධිවිධාන අනුව සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පාසල්වල පළමුවන ශේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයන් ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟුන ගැටලු හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංශෝධිත නව චක්‍රලේඛයක් පිළියෙල කර ඇත.
පැවති චක්‍රලේඛයේ ගැටලු සම්බන්ධයෙන් පිළිබඳව විදුහල්පතිවරුන්, චක්‍රලේඛ සංශෝධන කමිටුව, අමාත්‍යාංශයේ විමර්ශන අංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද කරුණු මෙන්ම ඒ පිළිබඳව වූ අධිකරණ තීන්දු ද සැලකිල්ලට ගනිමින් සංශෝධිත නව චක්‍රලේඛය සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත විදුහල්පතිවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට මේ චක්‍රලේඛ කිසිවක් අදාල වෙන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය පිළිබඳ ව්‍යුහ කමිටු සංග්‍රහය අනුගමනය කරන්න. ඒක කඩකරන අයට දෙන්න අවශ්‍ය දඬුවම පමණක් හඳුන්වා දෙන්න. මේ කරන දේවල් එකක්වත් ප්‍රායෝගික නැහැ. මම කථා කරන්නේ අත් දැකීමෙන්. මම දැන් මේවා ගැන කථා නොකරන්නේ කථා කරලා වැඩක් නැති නිසා...
ඔබලා හැමදාම කරේ ප්‍රශ්නවලට පැලැස්තර දාපු එකයි. "පාසල් පද්ධතිය හදපල්ලා"
ජනවාරි 31 ට කලින් ඉපදුන දරුවන් ඇතුලත් කර ගන්න පුළුවන් වීම එය මාස 6ක් වත් දික්කරොත්. එයාලගෙ තරුන කාලෙ ගොඩක් ප්‍රයෝජනවත් වේවි.