
(අංජුල මහික වීරරත්න)
පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා විසින් පළමු පොපි මල ජනාධිපතිවරයාට පළඳවනු ලැබීය.
ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරයි.
එයින් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහා වැය කෙරේ.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් පී.කේ.සී. ශාන්තිලාල් කංකානම්ගේ, පොපි සමරුම් කමිටු සාමජිකයන් වන කපිතාන් ටී.එම්.එච්. මඩුගල්ල, ඒ. පද්මසිරි, චුලනි සිරිමෙවන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලේනියම් සිටි හමුදාව පාවාදීම ගැන කථාවකුත් කරා නම් මරු...