(අංජුල මහික වීරරත්න)

පළිබෝධනාශක  පාලනය කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පළිබෝධනාශක කර්මාන්තයේ ගෝලීය වශයෙන් පවතින නියාමන ප්‍රමුඛතා සහ වර්ධනය වෙමින් පවතින නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධ විමර්ශනයන්ට සහාය වන ප්‍රවේශයන්ට අනුකූල වන පරිදි 1980 අංක 33 දරණ පලිබෝධ නාශක පාලනය කිරීමේ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය රජය හඳුනාගෙන තිබේ.

ඒ අනුව නීති විරෝධී පළිබෝධ නාශක පරිසර හිතකාමී අයුරින් විනාශ කිරීම සඳහා වැයවන රාජ්‍ය මුදල් වැරදි කරුවන්ගෙන් අය කර ගැනීම වැරදිකරුවන් වන අයවලුන් විසින් නැවත වරක් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීමට සම්බන්ධ කටයුතු සහ දණ්ඩනයන් ශක්තිමත් කිරීම ඇතුළු අදාළ වන අනෙකුත් විධිවිධාන සහිතව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.