(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුව හිගුරක්ගොඩ කලාප කාර්යාලය හෙට (30) දින සිටි විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ලැබි ඇතැයි හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය බාර අධ්‍යක්ෂිකා ටී.එ.ඩී.වයි. ගීතාංජලී මහත්මිය පැවසුවාය.
හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇතුළු 81 දෙනෙකු ඉකුත් (26) දින කල පි.සී.ආර්.පරික්ෂණ වලින් කිසිවෙකු කොවිඩ් 19 ආසාදිත වී නොමැති බවට තහවුරු වී ඇති බැවින් එම කාර්යාලයේ කටයුතු සිදු කිරිමට කිසිදු බාධාවක් නොමැති පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය අධ්‍යක්ෂිකා භාර ටී.එ.ඩී.වයි. ගීතාංජලී විමසිමේදි සඳහන් කලේ මෙවෙැන්නකි.
අපේ කලාපයේ මැදිරිගිරිය ල හිගුරක්ගොඩ සහ ඇළහැර ලෙස අධ්‍යාපන කොට්ඨාශ 03ක් තියෙනවා. එහි පාසල් සංඛ්‍යාව 95ක් තියෙනවා. අපේ කාර්යාලයේ සේවය කල අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට පසුගිය දිනකදි තහවුරු වුනා. ඒ අනුව අප කාර්යාලයේ සියලු දෙනාත් එහි පැමිණ සියලු දෙනාත් සෞඛ්‍ය අංශ විසින් පි.සි.ආර්. පරික්ෂණ සදහා භාජනය කලා.
එම පරික්ෂණ වලින් තහවුරු වුවා. ඒ කිසිවෙකුට කොව්ඩ් ආසාදනය වි නොමැති බවට. එම නිසි අපේ කලාපය තුල තිබෙන පාසල් 95 තුළ සිටින ශිෂ්‍යයන් ගුරු භවතුන් වගේම දෙමාපියන් කිසිදු බියකින් තොරව හෙට දින සිට සුපුරුදු පරිදි සෞඛ්‍ය නිතිරිති අනුගමනය කරමින් පාසල් වෙත පැමිණෙන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි අධ්‍යක්ෂකවරිය ඉල්ලා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd