
(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (16) අනාවරණය කළේය.
අරලගංවිල,කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෙනත් අසනීපයක් සඳහා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී සිදුකළ පීසීආර් පරීක්‍ෂණයකින් පසුව මේ බව තහවුරු වී තිබේ.
එම කාන්තාව ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් සම්බන්‍ධයෙන් සොයා බලා විමර්ශන සිදු කිරීම සෞඛ්‍ය කණ්ඩායම් 2ක් යොදවා මේවන විට සිදු කෙරෙන බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා පැනික් වෙන්න එපා. තාම බ්‍රැන්ඩික්ස් පොකුර විතරයි. සමාජගත වෙලා නෑ.