
(අංජුල මහික වීරරත්න)
පොලොන්නරුව ගල්ලෑල්ල ජාතික පශු සම්පත් ගොවිපොළේ වසර කිහිපයක් තිස්සේ භාවිතයට නොගත් වටිනා කෘෂි උපකරණ රැසක් කන්දකාඩු බඩඉරිඟු වගාව සඳහා යෙදවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම කෘෂි උපකරණ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට තොරතුරකට අනුව මෙම පියවර ගෙන තිබෙි.
එම උපකරණ අතර මීටර් 500ක විශ්කම්භයක් සහිත ප්‍රදේශයකට ජලය යෙදීමට හැකි උපකරණ, පස පෙරළීම සඳහා යොදා ගන්නා තැටි 16 නඟුල්, විශාල ප්‍රමාණයේ නඟුල්, නවීන බීජ රෝපණ උපකරණ හා සූර්ය බලයෙන් ක්‍රියාකරන නවීන උපකරණ රැසක් ද තිබී අැත.
මෙම උපකරණ විශාල මුදලක් වැය කර මෙරටට ආනයනය කර තිබුනත් වසර දෙකක් තිස්සේ ඒවා නිසි ප්‍රයෝජනයක් නොගත් බව ගොවිපොළේ සේවකයන් අමාත්‍යවරයාට පැමිණිළි කර තිබිණි.
ලබන මහ කන්නයේ දී කන්දකාඩු ගොවිපොළේ අක්කර 3000ක පමණ බඩඉරිඟු වගා කිරීමෙි කටයුතු සඳහා එම උපකරණ යොදවන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේනම් හොඳයි... හැබැයි මේවට වගකිව යුත්තන් ගැන පරීක්ෂණයකුත් කළානම් හොඳයි නේද?