(ඩයනා උදයංගනී)
ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලට ඉදිරි දිනවලදී සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැනි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පළාත්වලට වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඌව, නැගෙනහිර, උතුරු මැද හා උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පළාත් හතරකට තද වැසි