(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116ක් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයින් සමඟ පැවති හමුවකදී මහජන නියෝජිතයෝ මේ බව කීහ.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවයි.
පළාත් ආණ්ඩු 9ක සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ ඉදිරියේදී රටම සංවර්ධනය කරා මෙහෙයවන බවද ජනාධිපතිවරයා කීය.
COMMENTS
අවුරුදු 47ක් නිදාගෙන ද හිටියේ
කට්ට්ය එකතු කරන සුවඳින් කියලා ගොඩ ගිහින් ඊළඟ ඡන්දෙදී සහයෝගය දුන් අයට ඡන්දෙ ඉල්ලන්නත් පකෂයක් හොයා ගන්න වේවි..!
ඔවුන්ගේ ඡන්ද 116 ක් ලැබුණට රටේ ජනතාව මාලිමාවට. ජාතික ජනබලවේගයට ජයවේවා...!!