
(අංජුල මහික වීරරත්න)
මේ අවුරුද්දේ පළාත් සභා ඡන්දෙ කරන්න වෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.
ඡන්දෙ තියන්න වෙන් කළ රුපියල් කෝටි පන්සීයක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩිත ජනතාව වෙනුවෙන් වෙන් කරන්නට සිදු වූ බව ටිල්වින් සිල්වා මහතා කීය.
බොහෝ විට වෙන ගැටලු ආවේ නැතොත් ලබන අවුරුද්ද වගේ වන විට පළාත් සභා මැතිවරණය තියාගන්න පුළුවන් වේවි කියා හිතන බවද ජවිපෙ ප්රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ආණ්ඩුවට ඉන්දියාව පැත්තෙන් කිසිම බලපෑමක් නැතැයිද ඉන්දියාව සහ මාලිමා ආණ්ඩු අතර ඉතා හොඳ සම්බන්ධයක් ඇතැයිද ටිල්වින් සිල්වා මහතා කීය.
ටිල්වින් සිල්වා මහතා මේ බව කීවේ ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්රික් කාර්යාලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
තෙල් ගේන්න වැයවෙන මුදල් මැද පෙරදිග යුද තත්ත්වය නිසා පස් ගුණයකින් වැඩි වී තිබෙන බව කී ලේකම්වරයා එය අලුත් ප්රශ්නයක් බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා මැතිවරණ කොමසාරිස්ද?
මේ මහල්ලට තියෙන බලේ මොකක්ද චන්දෙ ගැන තීරණ ගන්න.
කොහෙවත් හිටපු මිනිස්සුන්ට චන්දය දැම්මොත් මරණවා කියලා මරණ තර්ජන කල මිනිස්සු මරපු පක්ෂයක ලේකම් කියනවා චන්දය තියන්නේ නැහැලු එහෙම බලයක් කොහෙද මේ මිනිහාට කවුරුත් කියන නමින් කිව්වොත් ඩයිමයිනට මොකද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිද අධ්යක්ෂ ජනරාල්ද වෙන රජයක ලේකම්වරයෙක් කිව්වා නම් ඩයිමයිනා පොට්ට වසන්තයා සමාජ ප්රාග්ධන ලාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අනුරගෙත් හැසිරිම හා කියවිම කොහොම තියෙවිද කියලා
මේ රජයට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න, පසු ගිය දිනවල ඇතිවුන දිට්ටා කුනාටුවෙන් රජයට උන පාඩුව බිලියන ගනනක් , ඒ එක්කම මතකයට එනව රනිල් වික්රමසිංහ , මුදල් වෙන්කරල තිබියදිත් මැතිවරන නොතියපු විදිය.
මෙයා කොහොමද කියන්නෙ පලාත් සබා මේ වසරෙ නෑ කියල? මෙයා ඇමති,මන්ත්රී කෙනෙක් නෙවෙයි. අඩුම ගානෙ ප්රාදේසීය සබාවකවය්හ් නැ.රජයේ නිලදාරීයෙකුත් නෙවෙයි. එතකොට කොහොමද මේක කියන්නෙ?? මේක එයාලගෙ ස්ම්මගෙ අප්පගෙ බූදලයක් නෙවෙයි