(දයාසීලි ලියනගේ)

පළාත්සභා දැනට ක්‍රියාත්මක නොවුණත් ඒවායේ හිටපු සභාපතිවරුන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් කෝටි නවයහමාරකට අධික මුදලක් අදටත් වැය කරන බව වාර්තා වෙයි.

හිටපු පළාත් සභා සභාපතිවරුන් කිසිදු වගකීමක් හෝ රාජකාරියක් පැවැරී නැති අතර අඩු වශයෙන් කාර්යාලවලටවත් නොයන බව විගණන පරික්ෂණවලින් අනාවරණය වී ඇත.

මීට අමතරව මෙම පළාත් සභා හිටපු සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලයටද පළාත් සභා ක්‍රියාත්මක වූ කාලයේදී මෙන් වැටුප් හා දීමනා ලබාදෙන බව ද අනාවරණයී ඇත.

හිටපු සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලය 10ක් වී ඇති අතර ඔවුන්ගෙන් සිවු දෙනකුට මසකට ඉන්ධන ලීටර් 213 බැඟින් රටේ පවතින ඉන්ධන මිලට අදාලව දීමනා ගෙවනු ලබයි.

වර්ෂ 2018 ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අදාලව මෙම ගෙවීම් කරනු ලැබේ.