
(අංජුල මහික වීරරත්න)
ලබන වසර අවසාන වනතුරු වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකි ක්‍රමවෙිදයක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුකාරවරයා සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.
පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි.
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වලක්වා ගැනීම සඳහා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සකසන බවද ජනාධිපතිවරයා කීය.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මසක් ඇතුලත ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාත් ආණ්ඩුකාරතුමණි, ඔබ විසින් ඔබ ගේ උපදේශක ලෙස පත් කරගෙන සිටින සුනිල් දහනායක නැමැති අය ඔබ විසින්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙසත් පත්කර ගෙන තිබේ. මේ නිසා 2020.03.18 දින සිට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්පුර්ණයෙන්ම නීති විරෝධී කොමිසමක්. සුනිල් දහනායකට ගෙවපු මුදල් නැවත අය කර ගන්න. ඒවා මා ඇතුලු දකුණේ මහජනතාවගේ බදු මුදලින් එකතු කරගෙන ගෙවපු වැටුප් හා දීමනා. අනික හිතලා බලන්න. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉන්න ඕන සංඛ්‍යාව 3 යි. නමුත් 7ක් ඉන්නවා. සභාපතිගේ මාසික වැටුප් හා දීමනා සඳහා ලක්ෂ එකහ මාරකට වැඩි මුදලක් යනවා. සුනිල් දහනායකත් වැටුප් හා දීමනා 3 ක් ගන්නවා. සමස්ත ආදායාම ලක්ෂ 5 ක් විතර ඇති. ඉතිං හාල් කිලොවක් රුපියල් 1000ට ගියත් මේ අයට ගානක් නැහැ. අනික අසරණයින් ගැන තමයි හිතන්නේ නැත්තේ. ජනාධිපති මේ තනතුරු ඉක්මණින්ම වෙනස් කරන්න. දැන් කන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් අත්‍යාවශ්‍ය වේ. ප්‍රාදේශීය සභාවත් පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය යටතට පත්කිරීම පිළිබඳව සොයාබැලිය යුතුවේ... හෝ එසේ නොමැතිනම් ප්‍රාදේශීය සභාවන් සඳහා පමණක් පක්ෂ විසින් යෝජනා කරන්නා වූ පුද්ගලයන් මැතිවරණයකින් තොරව ප්‍රාදේශීය දේශපාලනය කිරීමට පත්කර ගැනීමේ හැකියාව ඇත. ඔවුන් ප්‍රාදේශීය ලේකම් යටතේ සේවය කළහැකිවේ.
මොනවද දකුණේ ඉතුරු වෙලා තියෙන්නේ...? ආණඩුකාරයා එක්ක හවුල් වෙලා කට්ටිය හොඳට ගසා කනවා. ලංකාවේ නම් දරාපු දූෂිත නඩය ඉන්නේ දකුණේ. මේ අය ඔක්කෝම එල්වන්න. ඇයි ඔය ඩලස්ලා, චන්දිමලා, රමේෂ්ලා මේවා නොදන්නවා නොවෙයි. දකුණට වෙනත් ආණ්ඩුකාරයෙක් පත්කරන්න. ඉන්න හොර හැතිකරය පන්නන්න අවශ්‍යයි. නැත්නම් තවත් මොවුන් දකුණ උලා කනවා. දකුණේ ඉන්න ලොකුම හොරා තමයි ආණ්ඩුකාරයා. තාපසයා වගේ තමයි ඉන්නේ. යහපාලන ආණඩුකාලේ හිරේ යන්නයි හිටියේ. උතුරු නැගෙනහිර අප සමග එකට වැඩ කළා. ඒ කාලෙත් හොරකම් තමයි. අපි එකට ඡන්දෙ කරපු මිනිස්සු.
කරන්න තියෙන මගඩි නතර කරන එක හොඳයි. නමුත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. දැන් හදන්නේ මන්ත්‍රී ගොල්ලන් එකතු වෙලා පළාත් සභාවත් කන්න තමයි. කොහොම නමුත් මෙතෙක් කාපුවා ගැන කොහොමද සොයන්නේ... ඉස්සෙල්ල ඒ ගැන සොයන්න ඕනෑ. කොහොමත් පළාත් සභාව සුදු අලියෙක්නේ. ඉස්සෙල්ලා කාපුවා ගැන සොයන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.
මෙයා හැමතැනම ව්‍යාකූල කරලා නැති ප්‍රශ්නත් ඇති කරලා තමයි යන්නේ...
අධ්‍යාපනය, සෞඛ්‍ය සමහර අංශ, සමාජ සුබසාධනය කොටස් වලට කඩා පරිපාලනය කිරීමට පියවර ගැනීම යෝග්‍ය වේ...
පින් ජනපතියා කාලයක් ඉන්න වගේ හදන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන්ටත් හොඳයි...