(ආරියරත්න රණබාහු )
උතුරේ ජනවාර්ගික අර්බුදය ට පිළියමක් ලෙස ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය තව දුරටත් රටට බරක් ලෙස පවත්වා ගෙන යායුතු නැතැයි දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි ලංකාලෝකය සංවිධානයේ ප්‍රධාන සංවිධායක පසඳ යාපා අබේවර්ධන මහතා කොළඹ අද (19)පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
දකුණු පළාත් සභාවෙි හිටපු මන්ත්‍රි වරයකු ලෙස පළාත් සභාවේ ඇති බොරුව තමා හොඳින් අවබෝධ කරගත් බවත් කී අබේවර්ධන මහතා මධ්‍යම රජයෙන් දෙන ප්‍රතිපාදන වියදම් කිරිම හැර රටට හෝ ජනතාවට සිදුවු සෙතක් නැතැයි අවධාරණය කළේය.
මෙම වසරේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගේ අවධානය පිණිස මෙම කරුණ තම සංවිධාන ය විසින් ඉදිරිපත් කරන බවද ඒ මහතා කීය
ලංකා ලෝනය නැමති නව සංවිධානයේ මෙහෙයවිමෙන් කොළඹ නිපොන් හෝටලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ1988 පිහිට වු පළාත් සභා සඳහා වර්තමාන ය දක්වා මධ්‍යම රජය බිලියන හත්දහසක් වැය කර ඇති බවය..
ඉන් විශාල මුදලක් වැය කර ඇත්තේ පුනරාවර්තන වියදම් සඳහා යැයි කී හිටපු පළාත් සභා මන්ත්‍රිවරයා රජය දෙන මුදල් වලින් කොටසක් වැයකර තමන්ගේ නම ගසා පුටු ටෙන්ට් ආදිය බෙදාදීම හැර අන්දෙයක් නොකළ බවද කීය.
පළාත් පාලන ආයතන හරහා රජයට විශාල කාර්ය භාරයක් කළහැකි බව කී අබෙිවර්ධන මහතා තවදුරටත් පළාත් සභා සුදු අලියා නඩත්තු කළ යුතු නැතැයිද මෙි වන විට පළාත් සභා ජනතා නියෝජිතයන් ගෙන් තොරව වසර පහක් ගතකර ඇති හෙයින් එමගින් තවදුරටත් එය අනවශ්‍ය දෙයක් බවට තහවුරු වී ඇතැයි ද පැවසීය .
්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලංකාවට පළාත් සභා අවශ්‍යම නැහැ. රජිව් ගාන්ධි ඕක ලංකාවට දුන්නේ හොඳකට නොවෙයි ලංකාව ඉන්දියාව පරදා ඉදිරියට යාවි කියන බයට ඔවුනොවුන් කුලල් කා ගැනීමට උපක්‍රමයක් වශයෙන් පමණයි මම දකින ආකාරයට දැනට තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා එම කොට්ඨාසයේ ස්ථිරවම පදිංචි අයෙක් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙසට පත්කර ඔහු/ ඇයගේ මූලිකත්වය යටතේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙනවා නම් නාස්තිය නැතුව ප්‍රදේශයේ සංවර්ධනය සිදුවේවි පසද යාපා හරි කියන්න පුළුවන් දැන් සමහරක් එවුන් කියන ආකාරයට තවත් ඉදිරියට ගියොත් උන්දැලා කියන දේත් සත්‍ය වෙන්න පුළුවන් වේවි...!
මෙයාගේ ඡන්ද වැඩවලදී මැරීගෙන අතින් වියදම් කරලා වැඩ කළ, අඩුම ගානේ ජොබ් එකක්වත් හම්බ වෙයි කියලා, මේක දිනුවන් පස්සේ හම්බ වෙන්න ගියාම මහලොකු සීන්. මොවුන්ට කිසිම දවසක ඡන්දයක් දෙන්න එපා... හොරු...