(ඩයනා උදයංගනී)
සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 50-60 පමණ වේගවත් සුළං ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල අද (4) දිනයේත් තද සුළං ඇතිවන අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බව ද එම ප්‍රකාශකයා කීය.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කොලෝමීටර 60-70 පමණ දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බව ඔහු පැවසීය.
එම මුහුදු ප්‍රදේශයන්හි මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වැළකිය යුතු බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd