(යොහාන් භාසුර)


පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර නිලධාරියෙක් මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.


රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ සඳහා චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට යොමුකර තිබේ.


පළාත් රාජ්‍ය සේවයෙන් මාධ්‍යම රජයේ රාජ්‍ය සේවයට මාරුවිය හැකි වන සේ එම කොමිසම 2020 වර්ෂයේ ජනවාරි මස 30 වන දින නිකුත් කර ඇති එම චක්‍රලේඛය අවලංගු කරමින් මෙව තීරණය ගෙන තිබේ.