( තිළිණි ද සිල්වා )
කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා සබරගමුව සහ උතුරුමැද පළාත් සභා වල හිටපු මහ ඇමතිවරුන් ගොනු කළ රිට් පෙත්සම් ලබන 11 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (05) නියම කළේය.
හිටපු මහ ඇමතිවරුන් වන මහීපාල හේරත් සහ එස්.එම්.චන්ද්‍රසේන මහත්වරුන් ගොනු කළ මෙම රිට් පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ අද කැඳවූ අතර එහිදී පෙත්සම් සම්බන්ධයෙන් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයින් , අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානත්වයෙන් පළාත් සභා සීමා නිර්ණය කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයින් , පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සම් හි මෙසේද සඳහන් වේ.
පළාත් සභා පනතේ 10.4 වැනි වගන්තියට අනුව දැනට විසුරුවා හැර ඇති පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවය.
එසේම පළාත් සභාවක් විසුරුවා හරිනු ලැබුවාට පසුව සති 04 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවට දැනුම් දීමේ නොතීසියක් නිකුත් කළ යුතු බවත් , එම නොතීසිය නිකුත් කළ දින සිට දින 14ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීම සඳහා නාම යෝජනා බාර ගැනීමට පියවර ගත යුතු යැයිද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
නීතිමය තත්ත්ව එසේ වුවද බොහෝ පළාත් සභා විසුරුවා හැර මාස ගණනාවක් ගත වී ඇතත් මැතිවරණය පැවැත්වීමට වගඋත්තරකරුවන් කිසිදු පියවර ගෙන නැති බවද පෙන්වා දේ.පළාත් සභා සීමා නිර්ණය කිරීමේ ක‍්‍රියාවලිය අවසන් වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසම දරණ මතය වැරදි බවත් , ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කියා සිටිති.
එබැවින් පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ වාර්තාව වහාම ජනාධිපතිවරයාට බාර දෙන ලෙෂ එම කොමිසමට නියෝග කරන ලෙසත් , කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පළාත් මැතිවරණ පවත්වන්නැයි බලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි
de silva Wednesday, 06 March 2019 06:40 AM
ඉස්සෙල්ල ජනමත විචාරණයක් පවත්වන්න , ඔය පළාත්සභා අවශ්‍යද නැද්ද කියලා
සිරිබිරිස් Wednesday, 06 March 2019 07:51 AM
සිල්වා මහාගේ කථාව හරි. පසුගිය කාලයේ පුද්ගලික වාසිතකා කඩින්කඩ පලාත්සභා මැතිවරණ පැවැත්වූ නිසානේද මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවෙලා තියෙන්නේ. පසුගිය කාලයේ පලාත් සභාවක් හෝ දෙකක් විසුරුවා මධ්‍යම රජයේත් අනෙක් පලාත්සභා සියල්ලේත් බලය යොදා හිතවත් නිළධාරීන් රාජකාරිවලට යොදවා මැතිවරණ ජයගත්තා. වර්තමාන රජය කරන්න හදන්නේ පරාජයක් ලැබුනත් සාධාරණයක් කිරීමට කියලා හිතෙනවා.