(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නීතිවිරෝධීව වළදමා වසරක් ගතවී තිබුණ ද ඒ පිළිබඳව හඩ නැගිය යුතු සියලුම පාර්ශව නිහඩව සි බවත් මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නිහඩව සිටිය හොත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට තවත් පැල්ලමක් එකතු කිරීම වැලැක්විය නොහැකි බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය.
නිදහස ජනතා සභාව කොළඹදී අද (14) පැවැතිවූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එසේ පැවසීය.
පළාත් පාලන මැතිවරණය අනීතිකව කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය, සිවිල් සංවිධානය, ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන නිහඩ මෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවක් කල්යවමින් සිටින බවත් රටේ මුදල් තිබියදී මුදල් නැතැයි කියමින් එම ජාතික මැතිවරණය වළ දැමූ බවත් ඒ මහතා කීය.
ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් සති 27 ක් එසේ නැත්නම් දින 189 ක් පමණක් ඉතිරිව තිබියදී ජාතික මැතිවරණ දෙකක් දින නියමක් නොමැතිව හංගලා තැබීම යන්න සැහැල්ලුවෙන් සළකිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විභාග වන මූලික අයිතිකාකම් නඩුව කඩිනම් කර ඊට අදාල තීරණය නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
ආණ්ඩුව මැතිවරණ සිතියම අකුලා ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගැනීමට සූදානම් වන බව කියන ඩලස් අලහප්පෙරුම මහතා එවැනි ආණඩු ප්‍රජාතන්ත්‍රවාදයට පැල්ලමක් එකතු කිරීමෙන් පුරවැසියා යටත් වැසියෙක් බවට පත්කිරීම වැලැක්විය නොහැකි බව ද සඳහන් කළේය.
මුදල් අමාත්‍යංශය කුළු බඩු ප්‍රතිඅපනයන කිරීමට අවසර දීමෙන් මුදල් අමාත්‍යංශය තුළ සිටින ‘මීයා’ ප්‍රදර්ශනය වූ බවත් එම ‘මීයා’ සොයාගැනීමෙන් තොරව රට සුවපත් කළ නොහැකි බවත් ඒ මහතා කීය.
පාසල් දරුවන්ගේ ආහාර වේල සඳහා මුදල් වැඩි කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයට එයට අවසර නොදුන් බව කී ඩලස් අලහප්පෙරුම මහතා මෑත සිදුවීම් තුනකින් මුදල් අමාත්‍යංශය තුළ සිටින ‘මීයා’ගේ භායානක තත්වය තේරුම්ගත හැකි බව ද පැවසීය.
රජයේ පාසල්වල ගුරුවරු 39,000 කට අධික විශාල ගුරු හිඟයක් පවතින බවත් ගුරුවරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර විදුල්පති සේවයේ පත්වීමෙන් ගුරු හිඟය තවත් බරපතල වූ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළාත්පාලන මැතිවරණය නිකම් රටේ සල්ලි කන වැඩක්නේ. තවත් කට්ටියකට හොරා කන්න මාර්ගයක් විතරයි. ඒක නැතිව රටට කිසිම පාඩුවක් නෑනේ...
ලොක්කා ලංකාවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හිටියා නම් හොඳටම ඇති දිනක් තුළ උතුරේ සිට දකුණට යන්න පුළුවන් රටේ තවත් පාලන ආයතන කිසිවක් අවශ්‍යම නැහැ මම කියපු ආකාරයට පත්කළ මන්ත්‍රීට එම කොට්ඨාශයේ සියලු බලතල දුන්නාම මදිද? මදි නම් ජනඅනුපාතිකව ජනතා නියෝජිතයන් සිටින පක්ෂ භේදයකින් තොරව ජනතා සභාවක් පිහිටුවීම ප්‍රමාණවත් වෙනවා. කොහොම වුණත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මන්ත්‍රී එම කොට්ඨාශයේ ස්ථිරව පදිංචි අයෙක් වෙන්නම ඕනෑ. එහෙම කළොත් රටේ සංවර්ධනය ඇතිවී වංචාව, දූෂණය, හොරකම් නැතිවේවි.. හැබැයි පැරෂුට් ක්‍රමයේ දේශපාලුවෝ මේකට සම්පූර්ණයෙන්ම අකැමැති වෙන්න පුළුවන්...!
ඔබ ඇතුළු විමල් උදය නඩේ ඇඟේ ඉඳන් කණ කා ඉන්පසු මහජන ඡන්දයෙන් පත් වූ නායකයා පලවා හරින්නට දර දිය ඇද සජිත් හේත්තු වී දැන් වසරකට වැඩයි. ගොඩඒමක් පෙනෙන තෙක් මානයකවත් නෑ. ජෙප්පන් බඩ පිනුම් ගසන්නෙත්, සජබයින් නන් දොඩවන්නේත්, රනිල් මහතා තමාට සුපුරුදු ගමන යන්නේත්, ඔබ ඇතුළු කවුරු කවුරුත් එකතු වී දුර දිග නොබලා තනා දුන් පිටියේ...!
රට බංකොලොත් කරපු මීයෝ ගොඩේ හිටපු ලොකු මීයෙක් කතා කරයි.