(රංජන් කටුගම්පොළ)
නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
මැතිවරණය පැවැත්වීම සඳහා අරමුදල් නොමැති බවට මෙතෙක් කිසිදු දැනුම්දීමක් භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන්කර නොමැති බව ද මැතිවරණ කොමිසම දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණයට එරෙහිව සහ පක්ෂව ඉදිරිපත් කළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන,එස් තුරෙයි රාජා සහ ප්‍රීතිපද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රනිල්ට තවත් විකාර හැදෙයි. මොනවහරි ලෙඩක් දාලා ඡන්ද කල්දානවා අනිවාර්යයෙන්ම...