(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් ,පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වන අතර,ඒ සදහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ .
එසේ වුවද රජයෙන් අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන්,මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින්,පළාත් පාලන ආයතන වල නිල කාලය මාර්තු මස 19වැනිදායින් අවසන් වනු ඇත
මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතට ද, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට ද,පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2018 අධිකරණ තීන්දුව අනුව රාජ්‍ය නිලධාරීන්ට මහජන නියෝජිතයින්ගේ වගකීම් දැරිය නොහැක. අනිවාර්‍යයෙන් නව නියෝජිතයින් 19 ට පෙර පත්විය යුතුයි..
පළාත් පාලන මැතිවරණය පවත්වා පත්වන 8000 ක් පමණ අලුතින් පත්වන මන්ත්‍රීවරුන්ට වැටුප් සඳහා පමණක් මසකට මිලියන 200,000,00 සහ කාර්යාල පහසුකම්, වෙනත් දීමනා ගෙවීමට මුදල් ලබාගන්නා ආකාරය විපක්ෂයේ ආර්ථිකය සම්බන්ධ විද්වතුන් පැහැදිලි කරන්න. මෙය රටේ පුරවැසියන් දැනගත යුතුම දේශපාලකයින් මගහරිමින්/ පිළිතුරු ලබනොදෙනා ප්‍රශ්නයකි...
කොහොමද ටිකිරි මොලේ? ඔහොම යමු. ඔහොම යමු...!
පළාත් පාලන බලය කලිසමාටයි, මයිනටයි, කපුටටයි දුන්නා නම් හරි...
නියමයි. පරිපාලන සේවයේ නිලධාරීන්ට, කොමසාරිස්වරුන්ට බලය දී පළාත් පාලන ක්‍රමය දේශපාලන පක්ෂවලට දීම නවතා දමන්න...
මුදල් ප්‍රතිපාදන නෑ කියන්නේ බොරු... ඡන්දය තිබ්බොත් ජනමතය අලි පොහොට්ටුවට අවාසි නිසා කොතැනකින් හරි හිරකරනවා ඡන්දය වළක්වන්න. ඡන්දය අලි පොහොට්ටුවට වාසිනම් ඔය ප්‍රශ්න මොකුත් නෑ. තියෙන ඡන්ද ඔක්කෝම තියලයි කයිවාරු ගහන්නේ...!
අයවැයෙන් මැතිවරණයට වෙන් කරපු මුදල් දැන් නැහැ කියනවා නම් හොර ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි...!
මේ කාලකණ්ණි ආණ්ඩුව මුල ඉඳලාම ඕක තමයි ප්ලෑන් කළේ...!
පොලීසියටත් කන්න බොන්න නැති අහේනිය ගහලා...!
ගෙදර යන්න රෙඩි වෙන්න රනිල්...
සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම තව එක සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙක් අනුයුක්ත කළොත් මේ ප්‍රාදේශීය සභා මගුලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය වැඩටික අර නිලධාරියා සහ ප්‍රාදේශීය සභාවල සිටින සේවකයින් මගින් අපූරුවට කළහැකියි. ඔතැනින් වෙන්නේ ගමේ ඉන්න චණ්ඩිටිකට ගරු මන්ත්‍රී තුමන්ලා බවට පත්කිරීමයි වරිපනම් බදු සල්ලි ටිකෙන් 90% මොවුන් නඩත්තුවට වැයකිරීම පමණයි .
සුමනසිරි මහතාගේ කතාව හරි... දැනටමත් පිං පඩි ගෙවනවා... අති විශාල මුදලක් ඔවුන්ට...!
කොමසාරිස්වරුන් වශයෙන් පත්කරන අයව තෝරාගන්නේ කවුරුන් විසින්ද? එය කරනු ලබන්නේ ජනතාව විසින් ප්‍රතිකේෂ්ප කරමින් ඇති..., නමුත් ව්‍යවස්ථාව භාවිතා කරමින් බලයේ රැඳී සිටින, රනිල් ඇතුලු පීඩාකාරී පාලකයින් විසින් නම් සහ ඔවුන්ගේ ගැත්තන් කොමසාරිස්වරුන් හැටියට පත් කරන්නේ නම්, ජනතාවගේ අපේක්ෂාවන් ඔවුන්ගෙන් ඉටුවේවිය කියා හිතන්න අමාරුයි....