
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දීමට දින ප්‍රකාශයට පත්කර තිබියදී තරුණ නියෝජනය සදහා සදහා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පනත ඇතුලේ ගැටුමක් ඇති වීමට ඉඩ තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පිළිබඳව අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මේ බව කීය.
අනුර දිසානායක මහතා:-
දැන් මැතිවරණ කොමිසම නාමයෝජනා නාමයෝජනා දින ප්‍රකාශ කර තිබෙනවා.දේශපාලන ව්‍යාපාර තම නාමයෝජනා සකස් කරමින් සිටිනවා. ඒ අතරතුර පාර්ලිමේන්තුවට පනතක් එනවා නාමයෝජනා වල සංයුතිය වෙනස් කිරීමට.
නාම යෝජනා කැඳවීමට පෙර පනත සම්මත වුවහොත් පනත ඇතුලේ ගැටුමක් එනවා. තරුණ නියෝජන පනතට අප පක්ෂපාතී නමුත් ඒ මේ මැතිවරණයට නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරදිනවට බයේ එක එක නාඩගම් කරලියට ගේන්න හදනවා.මෙහෙමත් කාලකන්නි කුපාඩි රැලක් .මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම මොනවා වෙලාද ?