(දයාසීලි ලියනගේ)
පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකරගැනීමට හැකිවන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කර කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.
වසර 30ක් පමණ පැරණි පළාත් පාලන ආයතන පණත වහා සංශෝධනය විය යුතුබව ප්‍රකාශ කරන ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇත.
පළාත් පාලන කටයුතුවලට ජනතාවගේ සහභාගීත්වය වැඩි වශයෙන් ලබාගැනීමට ද මෙම සංශෝධනවලින් අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
මීට අමතවර පළාත් පාලන ආයතනවල සීමාව පුලුල් කිරීමක් ද නව සංශෝධන යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන ආයතනවල ආදායම වැඩිකරනවා කියන්නේ ජනතාවට දෙවියන්ගේම පිහිටයි යන්නය. බොහෝ පළාත් පාලන ආයතන හොර ගුහා වැනිය. ගොඩනැගිල්ලක් හදනවා නම්, එයට ගෙවීමක් වෙන අයුරු වඩා සිදුවේ. සැලැස්ම අනුමත කිරීමට නම් එම ආයතනයේ ටී.ඕ. ලවා එය අන්දවා ගත යුතුයි. ඊට වඩා සුදුසුකම් ඇති අයෙකු ඇන්දත්, කුමක් හෝ නැති වරදක් පෙන්වා අනුමැතිය දෙනු නොලැබේ. ඇතැම්විට, සාදා බොහෝ කාලයක් පැරණි නිවාස ගැන අසාධාරණ තනි තීන්දු ගෙන, ඒවා නැවත මැන වැඩි බදු අයකරනා අවස්ථාද ඇත. ජීවන බරින් මිරිකී සිටින රටවැසියා මේ කෙහෙල්මල් පළාත්පාලන මඟුලෙන් තවතවත් හිරිහැරයට පත්වේ. මේ පුංචි රටේ ප්‍රධාන රජයක් යටතේ රට පාලනය කිරීමට පුළුවන්කම තිබියදීත්, මේ රට කන පළාත් පාලන ආයතන විසුරුවා හැර ජනතා පීඩනය මඳක් හෝ අඩුකිරීමට පියවර ගන්නේ නම්, යහපතකි. ඒත්, ඒවා ඉටුවේදැයි සැක සහිතයි...
දැන් මේ ආයතන වලට ලැබී තිබෙන ආදායමින්, පළාත් වලට මේ ආයතන වලින් කෙරෙන සේවාවත් මහජනයාට දැන්වීම අනිවාර්ය කළයුතුයි...
එහෙම නම් තව මොනවා හරි බද්දක් ජනතාවට පටවනවා වගේ...
තව වැඩිපුර බදු මොනවා හරි ගහන්න වෙන්ටෑ. එහෙම නැතුව කොහෙන්ද අාදායම් හොයන්නේ?. ලංකාවේ මන්ත්‍රී වරු 10,000ක් විතර ඉන්නවා. එහෙම නැතිව ඔය රොත්ත බුරුත්තේ වියදම් පියවන්නේ කොහොමද?
ඔක්කොටෝම ඉස්සෙල්ලා මෙයාගේ ගෙදර වටේ බලකොටුවක් වගේ ඇති තාප්පේ ගැහුවේ කාගේ සල්ලිවලින්ද කියලා දැනගන්න. මෙච්චර ධනස්කන්ධයක් ලැබුණේ කොහොමද කියලා අහන්න.
2/3 යසඅගේට දීලා. ආණ්ඩුවක් ගෙනාවා දැන් කතාකරලා වැඩක් නෑ. අවුරුදු 5ක් ඉවසන් ඉන්න ඕනෑ... ඔය විදිහට කාලෙන් කාලෙට පාටින් පාටට... අණ පනත් සංශෝධන ගැසට් තින්දු තීරණ එනවා. ඔවුන්ට බැනලා බැහැ.. අපිමයි ආණ්ඩු හදන්නේ... අපිමයි එකම ගාලක් ගාල් කරන්නේ.. අපි මේ ක්‍රමය වෙනස් කරපු දවසට ජාතියක් හැටියට, රටක් හැටියට නැගිටින්ට පුලුවන්.. මොලේ උඩ ඉඳගෙන ඉන්න තාක්කල් අපිට සහනයක් නැහැ.
මේක මෙතුමාගේ පුද්ගලික මතයක්නේ. ගණන් ගන්න එපා..
මට කියන්න ඇත්තේ නගරසභා ආදායම මදි නිසා කොට්ටාශ ප්‍රමාණය අඩුකර භාගයක් බවට අඩුකර කොට්ටාශ ක්‍රමයට ඡන්ද පැවැත්විය යුතු බවයි.
පළාත් ආදායම මදි කියන්නේ... අපිටම තට්ටු කරන්න පොටක් හොයනවා වගේ... මේ ගොල්ලෝ රාජපක්ෂලාගේ හොරණෑවල් විතරයි. මෙයාලා කියන්නේ එයාලාට කියාගන්න ඕනෑදේවල්.. ඡන්දේ දුන්නනේ... මෙයාලා කියන්නේ එයාලාට කියාගන්න ඕනෑ දේවල්...