(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අනුගමනය කළ යුතු පිළිවෙත් අනුව නීත්‍යානුකූලව බවත්, නීතියෙන් පිට කිසිවක් නොකරන බවත් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විපක්ෂය කලබල වූවාට සියල්ල සිදු නොවන බවද ඔහු කීවේය.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සදහා වූ පාර්ලිමේන්තු කමිටුව ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් ඇතැම් නීති කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව පැවසූ අගමැතිවරයා ඇතැම් කෙටුම්පත් මැතිවරණ කොමිෂන් සභාව අධ්‍යයනය කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිෂන් සභාවටද හිමි බලතල ප්‍රමාණයක් ඇති නිසාත් තවම ගෙවෙන්නේ සැප්තැම්බර් මාසය වන නිසාත් කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්නැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහින්තලේ හාමුදුරුවන්ගේ බණ දේශනාව කොහොමද? දැන් සැපද?