IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පළාත් පාලන ආයතන වල අනුමැතිය නොගෙන ව්‍යාපෘති ඇරැඹුම නවත්වයි

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වල අනුමැතිය නොගෙන ආරම්භ කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුලතදී වාර්තාවක් දෙන්නැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී  නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පළාත් පාලන ආයතන මගින් අනුමැතිය  නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසා විවිධ ගැටළු මතුව ඇති බවද අමාත්‍යවරයා කීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන මගින් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ආදාල පළාත් පාලන ආයතනවල අනුමැතිය ගැනීම අනිවාර්ය බවද අමාත්‍යවරයා  පැවසීය.

සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවිට  පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගත යුතු බවද  පළාත් පාලන ආයතනවල අනුමැතිය නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම වැරදි වැඩක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

අනුමැතිය  නොගෙන ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුන විට වගකීම බාර ගැනීමට කිසිවකුත් නැතැයි කී අමාත්‍යවරයා එවිට විවිධ ආයතන වලට වරද පැටවීමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

 



අදහස් (0)

පළාත් පාලන ආයතන වල අනුමැතිය නොගෙන ව්‍යාපෘති ඇරැඹුම නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site