(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි දේපළ පරිහරණය කිරීම වෙනුවෙන් රට පුරා පළාත් පාලන ආයතනවලින් රුපියල් කෝටි 10  කට වැඩි මුදලක් එම දෙපාර්තමේන්තුවට අයවිය යුතු බව දැනගන්නට තිබේ.

එම පළාත් පාලන ආයතන මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හරින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථා කීපයකදී සිහිකැදවීම් කළද ප්‍රතිචාර නොදක්වන බවත් වාර්තා වේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වජිර පොල්වත්තගේ  මහතාගෙන් මේ ඔබ කළ විමසුමකදී පැවසුවේ රාජ්‍ය ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග  නොගන්නා ලෙස රජය උපදෙස්දී තිබීම හේතුවෙන් පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය කටයුතු කළ නොහැකි බවයි.