(යොහාන් භාසුර)
මෙරට සියලු පළාත් පාලන ආයතන 341 කට ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
පළාත් පාලන ආයතන 69 ක මෙම සටහන මේ වන විට ක්‍රියාත්මක වන බවත් වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු, එම පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක බවත් එම අමාත්‍යංශය කීය.
ඉදිකිරීම්වලට අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ කිරීමට සැළසුම් කර ඇති බව කියන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ජනතාවට අපහසුතාවකින් තොරව කටයුතු කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය වංචා යෝජනාවක් වන අතර මේ සඳහා කොමිස් පදනම් වූ යෝජනාවකට මිලියන ගණනක් වැය වේ