
(අංජුල මහික වීරරත්න)
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහ චක්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඌව සහ උතුරු පළාත් වල පළාත් පාලන ආයතන මට්ටමින් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ ඒ සම්බන්ධයෙන් වන කළමනාකරණ ගැටලු විසඳීම සඳහා 2024-2028 කාලසීමාව තුළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමෙරිකා ඩොලර් මිලියන 10.20 ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය එකඟතාව පළ කර ඇත.
ඒ අනුව කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික සහාය සහ කොරියා රජයේ මුල්‍ය ආධාර උපයෝගී කර ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර