(ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබන සාමාජික පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තනි තනිව තරඟ කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාගේ නිවසේදි පැවති එම සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.
එහිදි දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තනි තනිව තරඟ කිරීමට තීරණය කර ඇති අතර එම පක්ෂවලට වෙනත් පක්ෂ සමඟ සන්ධානගතව හෝ තනිව තරඟ කිරීම පිළිබඳව ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව ලැබෙන බවට තීරණය කර තිබේ.
එහෙත් මැතිවරණය අවසන් වු පසුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදි දෙමළ ජාතික සන්ධානය වශයෙන් බලය පිහිටුවීමටද එම සන්ධානයේ පක්ෂවල නායකයන් එකඟතාවය පළ කර ඇත.
ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ පක්ෂයේ නායක සේලවම් අඩෙක්කලනාදන් , ප්ලොට් පක්ෂයේ නායක සිද්ධාර්තන් ධර්මලිංගම් හා ඒම්. ඒ සුමන්තිරන් යන මහත්වරු සහභාගි වී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.