(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව බව එම ප්‍රකාශකයා කීය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd