
(ඩයනා උදයංගනී)
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අරඹා ඇති ඒකාබද්ධ වර්ජන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දෙමින් බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල පිහිටි සියලු රෝහල්වල අද (13) උදෑසන 8.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම රෝහල්වල හෙට 14 වැනිදා උදෑසන 8.00 සිටත් එක්දින වැඩවර්ජන ක්‍රියාත්මක වන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එමෙන්ම රට පුරා සියලුම රෝහල් ආවරණය වන පරිදි ලබන අනිද්දා (15) වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ලේකම්වරයා කීවේය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි රජය දක්වන ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග අනිද්දා (15) ප්‍රකාශයට පත් කරන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
ළමා, මාතෘ, පිලිකා, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයන්හි මෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතයතනයෙහි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

(උණවටුන ඩී.ජී.සුගතපාල ,අහංගම සුමතිපාල දියගහගේ) කරාපිටිය රෝහල


ගයාන් අමරසේකර ( කොළඹ ජාතික රෝහල)


ගම්පහ තිලකරත්න දිසානායක.( ගම්පහ මහරෝහල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල් වල කොරෝනා කාලයේ බෙහෙත් හොයන්න මහන්සි උනා. මෙයලා කලේ එන්නත් සොයාගන්නව වෙනුවට වෙන රටවල් වලින් හදල එවන එන්නත් විදින්න සහ වට්ටු බලන්න කියල අමතර රුපියල් 40,000 සිට 80,000 ප්‍රමානයකින් වැටුප් වැඩි කර ගත්ත එක විතරයි. මේ රටට තියෙන ලොකුම පිළිලයක් තමා මේ GMOA එක. හරියට බදු ගහන්න ඕනි රාජකාරි වෙලාවේ පුද්ගලික කඩවල් වලින් හම්බු කරන ඒවට සහ හොරට ලක්ෂ ගනන් අතිකාල දන ඒවට. ඒව සම්පූර්ණයෙන් මග ඇරල මෙයල ඉන්නෙ.
දන්න එකම දේ. හැම එකටම වර්ජන. මුන්ට ගහල එලවන්න ඕනි රට හදන්න පටන් ගන්න ඉස්සෙල්ල.
සියලුම රාජ්‍ය සේවකයින්ට වැඩ වැර්ජන තහනම් කිරන නීතියක් ගෙන ආ යුතුයි . මේක දැන් විකාරයක් වෙලා.
තමන්ට බඩට වදිනකොට විතරක් එලියට එන හොර තක්කඩි පිරිසක්. සොච්චම් පඩියට වැඩ කරන වෙන මනුස්සයෙක්ට පොඩි ගානකින් හරි වැටුප් වැඩි කලොත් ඒකට වර්ජන. හෙදියන්ට උපාධිය දෙනවට විරුද්දයි. සම සෞඛ්‍ය සේවට විරුද්දයි. ඇඟිලි සලකුණු යන්ත්‍ර වලට විරුද්දයි.අනිත් සියලුම උපාදි පුද්ගලික විශ්වවිද්‍යාල වලිනුත් දෙනකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විතරක් විරුද්දයි. එතකොට අධ්‍යාපනය පෞද්ගලික වෙනවලු. හැබැයි එච්චර රටට ආදරේ අය රාජකාරි වෙලාවෙත් පුද්ගලික සේවයේ. රජයේ රෝහලට එන්නෙ උදේ 9 ට. යන්නෙ හවස 3 ට. ඒවට වර්ජන නෑ. හොරට අතිකාල ගන්න ඒවට වර්ජන නෑ.
ලංකාවෙ මිනිස්සු බුදු දහම අදහනවා කියනවා බුදුහාමුදුරුවෝ දේශනාකලේ රෝගීන්ට උපස්ථාන කිරීම තමන්වහන්සේට උපස්ථාන කිරීමට සමානයි කියලා එහෙම නම් රෝගීන්ව අසරණ කිරීම කොතරම් පවක්ද මෙම අයට කියන්න තියෙන්නෙ ඔබතුමන්ලා අවුරුදු 75 පමණ වයසේ පසුවනවිට පැහැදිලි වේවි ජීවිතය අනිත්‍ය බව .එහෙම වෙලා අවසාන මොහොතේ කරපු පව් මතක් වුනොත් (අනිවාර්යයෙන් වෙනවා ) ඊළඟ ආත්ම ගණනක් ඕවට විපාක ලැබෙනවා කවුරු කවුරුත් හිතාගන්න කණ්ඩායම් ගැගීමෙන් කටයුතු කරන කොට පව් පිං පේන්නෙ නැහැ ඒත් විදවන්න වෙන්නෙ තනි තනිව කියලා කියන්න ඕන සත්‍ය තත්වය නම් අසාධ්‍ය රෝගීන්ගේ භාරකරුවන් ඔබතුමන්ලාට වඩා ශාප කරන්නෙ ඔබලා මෙලොවට බිහිකළ අම්මාට බව සිහියට ගන්න .මතු ආත්මයේ අපාගතවීමට බලාපොරොත්තුව කරන උද්ඝෝෂණයට ජයවේවා
නොදකින් මුන්
පඩියෙන් 12%ක් විතර ටැක්ස් ගහලා විශ්‍රාම වැටුප් කියලා තව 8%ක් කපන්න යනකොට අතිකාලවලින් 15%ක් කපන්න හදනකොට නැති ස්ට්‍රයික් මොකටද?